Friday, February 14, 2014
ඩයලොග් වෙතින් ඔබේ ගිණුමට නොමිළේ මුදල්
ඔබ දන්නවද ඩයලොග් වෙතින් ඔබේ ගිණුමට නොමිළේ මුදල් ගෙන්වාගත හැකි බව. මේක ඉතින් හරියන්නෙ ඔබ හොඳ ඩයලොග් පාරිභෝගිකයෙක් නම් පමණයි.. ඒ කියන්නෙ සාමාන්‍ය තරමින් වත් එකවුන්ට් එකට සල්ලි දාන කෙනෙක් නම් පමණයි.. මේ කියන්නෙ Star Points ගැන. අහලා තියේනෙ? දැනන් හිටියද ඔයාගේ එකවුන්ට් බැලන්ස් එකටත් ස්ටාර් පොයින්ට්වලින් කොටසක් ගෙන්නගන්න පුළුවන් බව?
හරි එහෙනම් පටන් ගමු. මුළින්ම #141# ගහලා ඩයල් කරන්න. ඒකෙන් Your Balance යන්න. ඒකියන්නෙ 1 දෙන්න. දැන් Total Points දෙන්න. ඒත් 1 ගහලා Ok දෙන්න. දැන් බලන්න කීයක් තියෙනවද කියලා. ඔතන 100ට වඩා තියෙන ප්‍රමාණය ඔයාගෙ එකවුන්ට් එකට ගෙන්නගන්න පුළුවන්. ඒ කියන්නෙ බැලන්ස් එක 150 නම් 50 ක් ගෙන්න ගන්න පුළුවන්.
දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි, Star pay (ඔයාගේ 100ට වැඩියෙන් තිබෙන බැලන්ස් එක) ටයිප් කරලා 141 ට මැසේජ් එකක් යවන එක. මේකෙන් Post-paid bills ගෙවන්නත් පුළුවන්.
මම උදාහරණයක් පෙන්වන්නම්. මගේ Star Points Balance එක 110.82 යි. ඉතින් මට පුළුවන් රු.10.2 ක් එකවුන්ට් එකට ගන්න.
ඔන්න ඉතින් මං මැසේජ් එක ටයිප් කරා මෙහෙම. star pay 10 . ඊට පස්සෙ 141 ට යැව්වා.
Subscribe to:
Post Comments (Atom)

ලන්කාවේ අංක එකේ සින්හල තාක්ශනික forum එක
ReplyDeleteපරිගණක ලෝකය....
ඔබට තිබෙන පරිගණක හා තාක්ශනික ඕනෑම ගැටලුවකට පිලිතුරු දන්න සින්හලෙන් එසැනින්ම. නොමිලේ සාමජිකයකු වී දැනුමෙන් සන්නද්ධ වන්න.
http://www.pariganakalokaya.com/